ගෑස් තොග ඇත්තේ හෙටට පමණයි

සිය සමාගම සතුව ගෑස් තොග පවතින්නේ හෙට (14)  දිනය සඳහා පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් වු නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති බවය.

අදාළ නෞකාවලට හෙට දිනය වන විට මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් යළිත් වරක් ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ලිට්‍රෝ සමාගම පෙන්වාදෙයි.

ණයවර ලිපි විවෘත කිරීම සහ දිවයිනට ළඟා වී ඇති ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ ගැටලු හේතුවෙන් දින ගණනක් පුරා වෙළෙඳපොළේ පවතින්නේ දැඩි ගෑස් හිඟයකි.

ඉන් සාමාන්‍ය ජනතාව මෙන්ම ආපණ ශාලා හිමිකරුවන් ඇතුළු කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට මුහුණ දී සිටී.

අදත් ප්‍රදේශ රැසකම ගෑස් නොමැතිව ජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇති ආකාරය දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර අද දහවල් කඩවත නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයේ ගෑස් ලබා නොදීම හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20