AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේන තරුණියක් මහනුවර දී තනිවම විරෝධතාවයක

රුසියා – යුක්‍රේන ගැටුම හේතුවෙන් මේ වන විට යුක්‍රේන සංචාරකයින් 4,000කට ආසන්න පිරිසක් සිය රටට යාමට නොහැකිව මෙරට රැඳී සිටී.

රුසියානු – යුක්‍රේන ගැටුම්කාරී වාතාවරණය මත සිය රටට යෑමට නොහැකිව මෙරට සිටින යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

එහි දැක්වෙන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හෙට (01) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවය.

යුක්‍රේනයට එරෙහිව රුසියාව සිදුකරන යුද්ධය නැවැත්වීමට සහාය වන්නැයි ඉල්ලමින් මෙරට සංචාරයේ යෙදී සිටින යුක්‍රේන තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඊයේ (26) විරෝධතාවක නිරත වුණි.

විරෝධතාවයේ නිරත තරුණියක්,
“මේ යුද්ධය ගැන තොරතුරු කරුණාකරලා සමාජ මාධ්‍යවල හුවමාරු කරන්න ඒක අපිට උදව්වක් වෙයි. අපිට අවශ්‍යයි යුද්ධය නවත්වන ලෙස රුසියාවට සහ ජනාධිපතිට පීඩනයක් එල්ල කරන්න.”

ගාල්ල, මිරිස්ස, බෙන්තොට, උණවටුන ආදී සංචාරක කලාපවල සංචාරයේ යෙදී සිටින යුක්‍රේන ජාතිකයින් පිරිසක්ද  ගාල්ල කොටුව රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිටට පැමිණ ඊයේ පස්වරුවේ නිහඬ විරෝධතාවක නිරතවුණි.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ රැස්වූ තවත් යුක්‍රේන ජාතිකයින් පිරිසක් විරෝධතාවක නිරතවුණේ යුද්ධය නවත්වන්නැයි ඉල්ලමිනි.

මේ වන විට යුක්‍රේන සංචාරකයින් 4,000කට ආසන්න පිරිසක් මෙරට රැඳීසිටින අතර රුසියානු සංචාරකයින් 11,500කට ආසන්න සංඛ්‍යාවක්ද මෙරට රැඳී සිටී.

මෙවැනි පසුබිමක සිය රටට පිටත්ව යෑමට නොහැකි යුක්‍රේන සංචාරකයින්ට නොමිලේ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙරට කුඩා පරිමාණ හෝටල් හිමියන් ඇතුළු ජනතාව ඉදිරිපත් වී සිටින ආකාරය සමාජ මාධ්‍යවල අද දක්නට ලැබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?