යුක්‍රේන තරුණියක් මහනුවර දී තනිවම විරෝධතාවයක

රුසියා – යුක්‍රේන ගැටුම හේතුවෙන් මේ වන විට යුක්‍රේන සංචාරකයින් 4,000කට ආසන්න පිරිසක් සිය රටට යාමට නොහැකිව මෙරට රැඳී සිටී.

රුසියානු – යුක්‍රේන ගැටුම්කාරී වාතාවරණය මත සිය රටට යෑමට නොහැකිව මෙරට සිටින යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

එහි දැක්වෙන්නේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හෙට (01) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවය.

යුක්‍රේනයට එරෙහිව රුසියාව සිදුකරන යුද්ධය නැවැත්වීමට සහාය වන්නැයි ඉල්ලමින් මෙරට සංචාරයේ යෙදී සිටින යුක්‍රේන තරුණියක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ඊයේ (26) විරෝධතාවක නිරත වුණි.

විරෝධතාවයේ නිරත තරුණියක්,
“මේ යුද්ධය ගැන තොරතුරු කරුණාකරලා සමාජ මාධ්‍යවල හුවමාරු කරන්න ඒක අපිට උදව්වක් වෙයි. අපිට අවශ්‍යයි යුද්ධය නවත්වන ලෙස රුසියාවට සහ ජනාධිපතිට පීඩනයක් එල්ල කරන්න.”

ගාල්ල, මිරිස්ස, බෙන්තොට, උණවටුන ආදී සංචාරක කලාපවල සංචාරයේ යෙදී සිටින යුක්‍රේන ජාතිකයින් පිරිසක්ද  ගාල්ල කොටුව රෙපරමාදු දේවස්ථානය ඉදිරිපිටට පැමිණ ඊයේ පස්වරුවේ නිහඬ විරෝධතාවක නිරතවුණි.

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ රැස්වූ තවත් යුක්‍රේන ජාතිකයින් පිරිසක් විරෝධතාවක නිරතවුණේ යුද්ධය නවත්වන්නැයි ඉල්ලමිනි.

මේ වන විට යුක්‍රේන සංචාරකයින් 4,000කට ආසන්න පිරිසක් මෙරට රැඳීසිටින අතර රුසියානු සංචාරකයින් 11,500කට ආසන්න සංඛ්‍යාවක්ද මෙරට රැඳී සිටී.

මෙවැනි පසුබිමක සිය රටට පිටත්ව යෑමට නොහැකි යුක්‍රේන සංචාරකයින්ට නොමිලේ නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙරට කුඩා පරිමාණ හෝටල් හිමියන් ඇතුළු ජනතාව ඉදිරිපත් වී සිටින ආකාරය සමාජ මාධ්‍යවල අද දක්නට ලැබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43