AFC Banner
Empty Ad
Empty Ad

ඩිසල් බෙදා හැරීම සීමා කරයි

ඉන්ධන පිරවුම්හල් මගින් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඇතැම් පිරවුම්හල්වල ඩීසල් ලබා දීම සීමා කර ඇති බවට දැක්වූ පුවරුද දක්නට ලැබෙනවා. 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. ඊට හෙතු වි ඇත්තේ මේවනවිට දින 07 කට පමණක් ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පැවතීමයි. තවත් ඩීසල් නැවක් මෙරටට ලගාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකියි.

එලෙස පැමිණෙන නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට ද දින 02 කට වැඩි කාලයක් ගත වනවා. එබැවින් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලගාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් නීතිගක සංස්ථාව පෙන්වා දෙන්නේ. 

මේ හේතුවෙන් පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?