නීතිපතිට අභියාචනාධිකරණයෙන් දැනුම් දීමක්

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර ඇති නියෝගයක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මාර්තු මස 02 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව යි නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ මෙම නියෝගය කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහි ව සිදු කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තම සේවාදායකයා දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දීම යුක්ති සහගත නො වන බවයි ජනාධිපති නීතිඥ මුස්තාපා පෙන්වා දී ඇත්තේ.

එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර ඇති දැනුම් දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාර්තු මස 2 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?