නීතිපතිට අභියාචනාධිකරණයෙන් දැනුම් දීමක්

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත් කර ඇති නියෝගයක් අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මාර්තු මස 02 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව යි නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ මෙම නියෝගය කර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහි ව සිදු කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා තම සේවාදායකයා දැනටමත් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව සඳහන් කර තිබෙනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයා අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති අවස්ථාවක එම කරුණ සම්බන්ධ තවත් ජනාධිපති කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දීම යුක්ති සහගත නො වන බවයි ජනාධිපති නීතිඥ මුස්තාපා පෙන්වා දී ඇත්තේ.

එබැවින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර ඇති දැනුම් දීම අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාර්තු මස 2 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39