මන්ත්‍රීවරියට පහර දුන් සභාපතිට විරුද්ධව කාන්තාවන් පෙරට එයි

මහරගම නගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ, අද උදෑසන ප්‍රදේශවාසින් පිරිසක් නගර සභා භූමිය තුළට පැමිණ සභාපතිවරයාට විරෝධය පළකිරීමත් සමගයි.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය පවා කැඳවීමට නගර සභා ලේකම්වරයා පියවර ගෙන තිබුණා.

මෙලෙස උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වුයේ පසුගියදා කාන්ති කොඩිකාර මන්ත්‍රීවරියට මහරගම සභාවේ සභාපතිවරයා පහරදුන් බව කියන සිද්ධියක් බව සඳහන්.

ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක් පවත්වා තිබූ අතර පසුව පිරිස සභා ගර්භයට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.

එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා මහරගම පොලිසියේ නිලධාරින් නගර සභා පරිශ්‍රයට කැඳවීමට ලේකම්වරයා පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් සභාවේ කටයුතු පැයකට ආසන්න කාලයක් නතර කිරීමට ද සිදුවූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?