රජය සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මගින් කැඳවීමක් සිදු වුවහොත් එවැනි මාධ්‍යවේදීන් සමග තමා ද අදාළ ස්ථාන වෙත පැමිණෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවලදී රජයේ තීරණ සම්බන්ධව සෘජු ප්‍රශ්න ඇසීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර සිටියා.
එබැවින් එවැනි තර්ජනයක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙනී සිටිනවා ද? යනුවෙන් තවත් ජනමාධ්‍යවේදීයෙකු එහිදී විමසීමක් කර සිටියා.
ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අදහසකි.
“කෙනෙක් යම් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනකොට ඔහු දේශපාලනඥයෙක් ද මාධ්‍යවේදියෙක් ද නීතීඥයෙක් ද කියන කාරණාව වැදගත් වන්නේ නෑ. නමුත් මහ ජනතාවට යම් සත්‍යයක් සමාජගත වීම නිසා කිසියම් කෙනෙක් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා නම් ඒක බරපතළ කාරණාවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගී ද කියන එක ගැන ප්‍රශ්න මතුවීමක්…
කිසිසේත්ම පොලිසියක ප්‍රශ්න කිරීමක් සිදු නොවන බව වගකීමෙන් කියනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන්න මමත් එනවා ඔබ එක්ක යන්න.”














Aney mey Dulles mahattaya oya taram uda panine moko oya kata kadichcha opa dupa kaaraya wenuwen ? attha, wadey kathayi namuth illan kana aya wenuwen onawata wadaa kadey yanna oney na