ඔබත් එක්ක CID යන්න මමත් එනවා – ඇමති ඩලස් දුන් පොරොන්දුව

රජය සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මගින් කැඳවීමක් සිදු වුවහොත් එවැනි මාධ්‍යවේදීන් සමග තමා ද අදාළ ස්ථාන වෙත පැමිණෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවලදී රජයේ තීරණ සම්බන්ධව සෘජු ප්‍රශ්න ඇසීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර සිටියා.

එබැවින් එවැනි තර්ජනයක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙනී සිටිනවා ද? යනුවෙන් තවත් ජනමාධ්‍යවේදීයෙකු එහිදී විමසීමක් කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අදහසකි.

“කෙනෙක් යම් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනකොට ඔහු දේශපාලනඥයෙක් ද මාධ්‍යවේදියෙක් ද නීතීඥයෙක් ද කියන කාරණාව වැදගත් වන්නේ නෑ. නමුත් මහ ජනතාවට යම් සත්‍යයක් සමාජගත වීම නිසා කිසියම් කෙනෙක් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා නම් ඒක බරපතළ කාරණාවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගී ද කියන එක ගැන ප්‍රශ්න මතුවීමක්…

කිසිසේත්ම පොලිසියක ප්‍රශ්න කිරීමක් සිදු නොවන බව වගකීමෙන් කියනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන්න මමත් එනවා ඔබ එක්ක යන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51