AFC Banner
Empty Ad
Empty Ad

කැළණිතිස්ස නවතියි : ජලාශ සියල්ලේ ජල මට්ටම අවම අඩියක

කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරයේ ඉන්ධන හිගතාව හේතුවෙන් විදුලිය උත්පාදනය ඇණහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කර සිටිනවා. විදුලිය උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන්ම ජලය සැපයෙන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල යමින් පවතිනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළී කාලගුණය මීට හේතුවයි.

කාසල්රී ජලාශයේ වේල්ලේ උස මට්ටම අඩි 155 ක් වන අතර එහි ජල මට්ටම 118 ක් දක්වා පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. මාවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර එහි ජල මට්ටම මේ වනවිට පවතින්නේ අඩි 75 සීමාවේයි.

මෙම ජලාශවල ඉතිරිව ඇති ජල ධාරිතාව පානීය ජලය සදහා රදවා ගනිමින් ජල විදුලි උත්පාදනය සදහා භාවිත කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?