මාධ්‍යයත් හොරා පැවැත්වූ විපක්ෂයේ රැස්වීමෙන් පසු නිවේදනයක් නිකුත් වෙයි

මේ වන විට රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් ලබා දීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු බව දක්වමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දෙමල ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්පන්දන්, එම් ඒ සුමන්තිරන්, ශානක්කියන් රාසමාණික්කම් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතශීලි සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ අත්සනින් යුතුවයි.

එම ඒකාබද්ධ නිවේදනයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන් සහ එරාන් වික්‍රමරත්නද අත්සන් තබා තිබෙනවා. එමෙන්ම ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සහ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබෙනවා.

ඔවුන් විසින් සිදු කළ විශ්ලේෂණයන්ට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හා සම්බන්ධ ප්‍රධාන අභියෝග 04ක් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය, විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම, රජයේ ණය පොලී වියදම සහ රටේ ණය ප්‍රමාණය වැඩි වීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ පවතින්නේ විශාල අභියෝගයක් බව පිළිගන්නා බවයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. මෙම අසීරු අවස්ථාවේදී රටක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරමින් මෙම ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කළ යුතු බවයි

මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනවාරී මාසයේ අග පැවති සාකච්ඡාවකින් පසුවයි විපක්ෂය මෙලෙස ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නිකුත් කර ඇත්තේ. මෙම සාකච්ඡාව පිළිබඳ මීට පෙර මාධ්‍යවෙත කරුණු වාර්තා වුයේ නැහැ. තමන් විසින් විපක්ෂයේ පක්ෂ නායකයින් කැඳවා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16