මාධ්‍යයත් හොරා පැවැත්වූ විපක්ෂයේ රැස්වීමෙන් පසු නිවේදනයක් නිකුත් වෙයි

මේ වන විට රට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසදුමක් ලබා දීම සඳහා රජය වහාම කටයුතු කළ යුතු බව දක්වමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දෙමල ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්පන්දන්, එම් ඒ සුමන්තිරන්, ශානක්කියන් රාසමාණික්කම් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතශීලි සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ අත්සනින් යුතුවයි.

එම ඒකාබද්ධ නිවේදනයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන් සහ එරාන් වික්‍රමරත්නද අත්සන් තබා තිබෙනවා. එමෙන්ම ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සහ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද එම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබෙනවා.

ඔවුන් විසින් සිදු කළ විශ්ලේෂණයන්ට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හා සම්බන්ධ ප්‍රධාන අභියෝග 04ක් මෙම ඒකාබද්ධ නිවේදනය හරහා ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය, විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීම, රජයේ ණය පොලී වියදම සහ රටේ ණය ප්‍රමාණය වැඩි වීම සම්බන්ධයෙන් මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ පවතින්නේ විශාල අභියෝගයක් බව පිළිගන්නා බවයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. මෙම අසීරු අවස්ථාවේදී රටක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කරමින් මෙම ආර්ථික අභියෝග ජය ගැනීමට කටයුතු කළ යුතු බවයි

මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනවාරී මාසයේ අග පැවති සාකච්ඡාවකින් පසුවයි විපක්ෂය මෙලෙස ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නිකුත් කර ඇත්තේ. මෙම සාකච්ඡාව පිළිබඳ මීට පෙර මාධ්‍යවෙත කරුණු වාර්තා වුයේ නැහැ. තමන් විසින් විපක්ෂයේ පක්ෂ නායකයින් කැඳවා මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පැවසුවේ.

  1. මරු මිනිස්සු ආණ්ඩුවට කියන්නෙ …අඩු පාඩු තිබුනත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තියෙනව …මුන්ට ඕන කොහොම හරි ඒකට හොම්බ දාගෙන ළකුණු දාගන්න ….!

  2. ඔතන අලුත් කවුරුත් නෑ..ඉන්නේ සමගි ජන බලවේගය ම තමයි අලුතින් ඉන්නෙ තිස්ස විතාරණ මහත්තයා විතරයි.ඕක ඉතින් SJB මාධ්‍ය නිවේදනයක් විදියටම දැම්ම නම් ඉවරයි …රට්ටු හිනස්සවන්නෙ නැතිව …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04