ආදරේටත් ඩොලර් හරස් වෙයි

රටේ පවතින ඩොලර් හිඟය සහ පනවා තිබූ ආනයන සීමා හේතුවෙන් පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති ආදරවන්තයන්ගේ දිනය ඉලක්ක කරගෙන අලෙවි කරන සැරසිලිවල මිල ගණන් පෙරට සාපේක්ෂව සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ මෙම සැරසිලි බොහෝමයක් චීනයෙන් ආනයනය කරන නමුත් පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මෙම තොග කිසිවක් ආනයනය නොකළ බවය.

වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සමයේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් උත්සව අවස්ථා පැවැත්වීම තහනම් කර තිබුණ ද මෙම වසරේ දී එවැනි තහනමක් නැති බැවින් මේ වන විට ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් යොදා ගන්නා සැරසිලි සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ව්‍යාපාරිකයෝ කියති. මේ වන විටත් විවිධ සැරසිලි සහ තෑගි භාණ්ඩ සඳහා ඇණවුම් විශාල වශයෙන් ලැබෙමින් පවතියි.

තවද මෙම කාලසීමාවේ දී අධික ඉල්ලුමක් පවතින රතු රෝස මලක මිල රසායනික පොහොර ගැටලුව හේතුවෙන් රුපියල් 200ත් 300ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ. රතු රෝස මලක පෙර මිල පැවති ඇත්තේ රුපියල් 80ත් 100ත් අතරය.

වගාකරුවන් පවසන්නේ මේ දිනවල දී රතු රෝස සඳහා අධික ඉල්ලුමක් පවතින නමුත් පොහොර නොමැති හෙයින් පෙර පරිදි රෝස මල් අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වූ බැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිව ඇති බවයි.

ඒ හේතුවෙන් මේ වන විටත් ස්වාභාවික රතු රෝස මල් වැඩි ගණනක් චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. මින් පෙර ආදරවන්තයන්ගේ දිනවල දී මිලියන ගණනින් අලෙවි වන රතු රෝසවලට සාපේක්ෂව මෙම වසරේ දී කෘත්‍රිම රතු රෝස සඳහා පවතින ඉල්ලුම වැඩි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53