රජයේ දේපල අවභාවිතා කරන මැති ඇමතිවරුන්ට වැඩ වරදී

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට තහවුරු වුවහොත් අදාල අමාත්‍යවරයාගේ ඇමැතිධූරය ඒ මොහොතේම ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ඥාතීන් වාහන හෝ රජයේ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් විවිධ නීති විරෝධී කටයුතුවල යෙදීමේ සිද්ධීන් 34ක් පසුගිය වසර දෙකේදී වාර්තාවී ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ පුතුන්, බිරින්දෑවරුන් හෝ පවුල්වල ඥාතීන් පිළිබඳව වහාම තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ බුද්ධි අංශවලට දැනටමත් දැනුම්දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

බුද්ධි අංශ රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් 16දෙනකු පිළිබඳව රජයට දැනටමත් කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.

රජයේ වාහන හෝ වෙනත් දේපළ ඒ ආකාරයට පාවිච්චි කරන බව තහවුරු වුවහොත් අදාල මැතිඇමැතිවරුන්ට මුලින්ම ඒ පිළිබඳව දැනුම්දීමට පියවර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.

මෙවැනි අක්‍රමිකතා සිදු වන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ටද දැනුම්දී ඇත .

සිය පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් රජයේ වාහන දෙකක් රැගෙන ගොස් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට බාර දෙන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු එම අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මේ ඉල්ලා අස්වීම සිදුවූයේ ජනාධිපතිවරයා ඔහු කැඳවා එම සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?