spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ දේපල අවභාවිතා කරන මැති ඇමතිවරුන්ට වැඩ වරදී

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ළඟම ඥාතීන් වාහන ඇතුළු රජයේ දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් පහරදීම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු බවට තහවුරු වුවහොත් අදාල අමාත්‍යවරයාගේ ඇමැතිධූරය ඒ මොහොතේම ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.

මැති ඇමැතිවරුන්ගේ පුතුන් හෝ ඥාතීන් වාහන හෝ රජයේ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරමින් විවිධ නීති විරෝධී කටයුතුවල යෙදීමේ සිද්ධීන් 34ක් පසුගිය වසර දෙකේදී වාර්තාවී ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ පුතුන්, බිරින්දෑවරුන් හෝ පවුල්වල ඥාතීන් පිළිබඳව වහාම තොරතුරු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ බුද්ධි අංශවලට දැනටමත් දැනුම්දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

බුද්ධි අංශ රජයේ වාහන හෝ වෙනත් දේපළ අයථා අන්දමින් පාවිච්චි කරන මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් 16දෙනකු පිළිබඳව රජයට දැනටමත් කරුණු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.

රජයේ වාහන හෝ වෙනත් දේපළ ඒ ආකාරයට පාවිච්චි කරන බව තහවුරු වුවහොත් අදාල මැතිඇමැතිවරුන්ට මුලින්ම ඒ පිළිබඳව දැනුම්දීමට පියවර ගන්නා බව රජයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.

මෙවැනි අක්‍රමිකතා සිදු වන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ටද දැනුම්දී ඇත .

සිය පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් රජයේ වාහන දෙකක් රැගෙන ගොස් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට බාර දෙන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු එම අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය. මේ ඉල්ලා අස්වීම සිදුවූයේ ජනාධිපතිවරයා ඔහු කැඳවා එම සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?