AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන අසුභ පුවතක්

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටින්නේ.

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරි එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවද වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කර සිටියේ.

මේ අතර පෙරේදා දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36 ක් ඊයේ වාර්තා කර වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?