මෙරට කොවිඩ් ව්‍යාප්තිය ගැන අසුභ පුවතක්

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කර සිටින්නේ.

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරි එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවද වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කර සිටියේ.

මේ අතර පෙරේදා දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36 ක් ඊයේ වාර්තා කර වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 623,248 ක් දක්වා ඉහළ ගොස් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12