ලොව විශාලතම විද්‍යුත් මුදල් සොරකම

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ යුවළක් විසින් සොරා ගෙන තිබූ බවට විශ්වාස කෙරෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.6කට වඩා අධික වටිනාකමකින් යුත් විද්‍යුත් මුදල් ඒකක තොගයක් (ක‍්‍රිප්ටෝකරන්සි) සොයා ගැනීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව මෙය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගනු ලැබූ විශාලතම මුදල් සොරකම වේ.

මෙම විද්‍යුත් මුදල් ඒකක තොගය විශුද්ධිකරණය කිරීමට තැත් කළ නිව්යෝක් නගරයේ යුවළක් මැන්හටන් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බලධාරීන් විසින් පෙරේදා කටයුතු කර තිබෙනවා.

මෙම විද්‍යුත් මුදල් ඒකක තොගය සොරා ගෙන ඇත්තේ 2016 වසරේදී බිට්ෆයිනෙක්ස් සමාගමේ මුදල් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පැවතියදීය. මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඊයේ උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?