ලොව විශාලතම විද්‍යුත් මුදල් සොරකම

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ යුවළක් විසින් සොරා ගෙන තිබූ බවට විශ්වාස කෙරෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.6කට වඩා අධික වටිනාකමකින් යුත් විද්‍යුත් මුදල් ඒකක තොගයක් (ක‍්‍රිප්ටෝකරන්සි) සොයා ගැනීමට ඇමරිකානු බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව මෙය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගනු ලැබූ විශාලතම මුදල් සොරකම වේ.

මෙම විද්‍යුත් මුදල් ඒකක තොගය විශුද්ධිකරණය කිරීමට තැත් කළ නිව්යෝක් නගරයේ යුවළක් මැන්හටන් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බලධාරීන් විසින් පෙරේදා කටයුතු කර තිබෙනවා.

මෙම විද්‍යුත් මුදල් ඒකක තොගය සොරා ගෙන ඇත්තේ 2016 වසරේදී බිට්ෆයිනෙක්ස් සමාගමේ මුදල් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පැවතියදීය. මෙම මුදල් සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඊයේ උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26