අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කරගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි. 

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. 

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?