අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කරගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි. 

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. 

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12