බාල වයස්කාර දැරියක් අපහරණය කළ පාපතරයින් තිදෙනා

බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැති දැරියක් දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ට පසුගිය දා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී ඇය මාස 4ක ගැබිනියක් බවට අනාවරණය වී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වන්නේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම පුද්ගලයා 41ක් හැවිරිදි විවාහක අයෙකු බවත් ඔහුට අවුරුදු 7ක පුත්‍රයෙකු සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් දෙවන සැකකරුවන් වන්නේ හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ද දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන බවට අනාවරණය වී තිබේ.

තෙවැනි සැකකරුද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරුවන් සියලුදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දැරියගේ මව ද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන හාලිඇළ පොලීසිය විසින් සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12