spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දැරියක් අපහරණය කළ පාපතරයින් තිදෙනා

බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැති දැරියක් දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ට පසුගිය දා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබේ. එහිදී ඇය මාස 4ක ගැබිනියක් බවට අනාවරණය වී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වන්නේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම පුද්ගලයා 41ක් හැවිරිදි විවාහක අයෙකු බවත් ඔහුට අවුරුදු 7ක පුත්‍රයෙකු සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් දෙවන සැකකරුවන් වන්නේ හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ද දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන බවට අනාවරණය වී තිබේ.

තෙවැනි සැකකරුද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරුවන් සියලුදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දැරියගේ මව ද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන හාලිඇළ පොලීසිය විසින් සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?