AFC Banner
Empty Ad
Empty Ad

දැඩි සත්කාර ඒකකයේ රෝගීන් ගණන ඉහළට

කොවිඩ් ආසාදනය වී සංකූලතා ඇතිවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව කඩිනමින් පියවර ගත යුතු බවයි.

“රෝහලවල වාට්ටු නැවත වාරයක් රෝගීන්ගෙන් පිරෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපේ ICU වාට්ටුවල නැවතත් කොවිඩ් රෝගීන් වැඩිවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ආර්ථිකව වැටෙන්නේ නැතුව රට ඉදිරියට යන්න නම් රටක් වශයෙන් අපි අනුගමනය කළයුතු කාරණා 2ක් තියෙනවා. පළවෙනි කාරණය සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම සහ වගකීමෙන් යුතුව මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම. මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ පැහැදිලි අඩුවක් තියෙනවා. එ්කට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා මේ තෙවැනි මාත්‍රාව මූලික කරගෙන වැරදි ප්‍රචාර ජනතාව අතර වැඩි වශයෙන් සිදුවෙලා තියෙනවා. ඒක ප්‍රබල ගැලුවක්. මොකද තෙවන මාත්‍රාව තුළින් රෝගය පැතිර යාම අඩුවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගතවීමේ අවශ්‍යතාවය අඩුවෙලා තියෙනවා. ඒ වගේම ICUවලට රෝගීන් යොමුවීම අඩුවෙලා තියෙනවා. ඒ නිසා තෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?