අධිවේගයේ රිය අනතුරු වළක්වන්න ඇමති ජොනී කරපු දේ

මාස 6ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ අධිවේගී මාර්ගයේ  සිදු වන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව  අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ය.

ඒ අනුව, 2020 වර්ෂය තුළ අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 308ක් වන අතර  2021 වර්ෂයේදී අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 461ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් බහුතරයක් සිදු වී ඇත්තේ, රියැදුරුට නින්ද යාම හේතුවෙන් බව ත් ඒ සඳහා වාහන නතර කර රියැදුරන්ට මදක් නිදාගැනීමට ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැළඳ ධාවන කිරීම, ජංගම දුරකතනයෙන් කතා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි ක්‍රියා සිදු කළ රියැදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බව ත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බව ත් මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?