අධිවේගයේ රිය අනතුරු වළක්වන්න ඇමති ජොනී කරපු දේ

මාස 6ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ අධිවේගී මාර්ගයේ  සිදු වන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව  අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ය.

ඒ අනුව, 2020 වර්ෂය තුළ අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 308ක් වන අතර  2021 වර්ෂයේදී අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 461ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් බහුතරයක් සිදු වී ඇත්තේ, රියැදුරුට නින්ද යාම හේතුවෙන් බව ත් ඒ සඳහා වාහන නතර කර රියැදුරන්ට මදක් නිදාගැනීමට ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැළඳ ධාවන කිරීම, ජංගම දුරකතනයෙන් කතා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි ක්‍රියා සිදු කළ රියැදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බව ත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බව ත් මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22