ඔමික්‍රෝන් නිසා සංචාරකයින් ගෙන්වීම තහනම් කරයි

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දුනීසියාවේ ඔමික්‍රොන් කොරෝනා වෛරස ව්‍යාප්තිය අතිශය බහුල ලෙස දැකගත හැකි අතර, අග්නිදිග ආසියානු රටවල් වල වැඩිම වෛරස ව්‍යාප්තිය ඇති රටවල් වලින් එකක් ලෙසයි ඉන්දුනීසියාව සලකනු ලබන්නේ.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස ව්‍යාප්තිය මන්දගාමි කිරීමේ උත්සාහයක් ලෙස ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට එරට රෝහල් පද්ධතියේ 65%ක පමණ කොටසක් ඔමික්‍රොන් කොරෝනා වෛරස ආසාදනය වූවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර මේ වන විටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි මට්ටමට පැමින ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 36000 ක් ජකර්තා අගනුවරින් පමණක් වාර්තාවී ඇති අතර එය අතිශය බරපතල තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00
Video thumbnail
කඩුවෙල නගරාධිපතිට එරෙහිව පක්ෂයක් හැටියට වහාම තීන්දුවක් ගන්න..JVP එක අහක බලන් ඉන්නේ ඇයි?
04:36
Video thumbnail
හානි වූ ඌමා ඇළේ අමුණ ප්‍රතිසංස්කරණය කර දියවර නිකුත් කිරීමට ආ ප්‍රබලයින්
01:07
Video thumbnail
ත්‍රීරෝද රථයක් අළුකළ මහ ගින්න..ගන්න දෙයක් නෑ - අළු වෙලාම ගිහින්
00:24


?