ඔමික්‍රෝන් නිසා සංචාරකයින් ගෙන්වීම තහනම් කරයි

මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දුනීසියාව එරටට සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දින කිහිපය පුරා ඉන්දුනීසියාවේ ඔමික්‍රොන් කොරෝනා වෛරස ව්‍යාප්තිය අතිශය බහුල ලෙස දැකගත හැකි අතර, අග්නිදිග ආසියානු රටවල් වල වැඩිම වෛරස ව්‍යාප්තිය ඇති රටවල් වලින් එකක් ලෙසයි ඉන්දුනීසියාව සලකනු ලබන්නේ.

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස ව්‍යාප්තිය මන්දගාමි කිරීමේ උත්සාහයක් ලෙස ජකර්තා ගුවන් තොටුපළ හරහා එරටට පැමිණෙන විදේශීය සංචාරකයින් රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කළ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට එරට රෝහල් පද්ධතියේ 65%ක පමණ කොටසක් ඔමික්‍රොන් කොරෝනා වෛරස ආසාදනය වූවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර මේ වන විටත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරාගත නොහැකි මට්ටමට පැමින ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් 36000 ක් ජකර්තා අගනුවරින් පමණක් වාර්තාවී ඇති අතර එය අතිශය බරපතල තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26