AFC Banner
Empty Ad
Empty Ad

අවසන් මොහොතේ “පරිප්පුවා” පළා යයි

තියුණු ආයුධ සමඟ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් 4දෙනෙකු කැලණිතිස්ස, වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුව ගෙන ඇත. එලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටියේ අමල් නොහොත් “පරිප්පුවා” නැමැත්තාගේ ගෝලයන් සිව්දෙනෙකු බව පොලීසිය පැවසුවේ.

අදාළ සැකකරුවන් සිව්දෙනා අතර “ඉන්නම්බි” නමැති අපරාධකරු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක්, උල්පිහි දෙකක් පොලි​ස් භාරයට ගෙන ඇත. “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව වේරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු පළාගොස් ඇති බව වාර්තා වෙයි

මිනීමැරුම්, මුදල් බලෙන් ලබාගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වෙන “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද විවිධ චෝදනා ලැබූ වන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?