අවසන් මොහොතේ “පරිප්පුවා” පළා යයි

තියුණු ආයුධ සමඟ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් 4දෙනෙකු කැලණිතිස්ස, වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුව ගෙන ඇත. එලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලම්පිටියේ අමල් නොහොත් “පරිප්පුවා” නැමැත්තාගේ ගෝලයන් සිව්දෙනෙකු බව පොලීසිය පැවසුවේ.

අදාළ සැකකරුවන් සිව්දෙනා අතර “ඉන්නම්බි” නමැති අපරාධකරු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක්, උල්පිහි දෙකක් පොලි​ස් භාරයට ගෙන ඇත. “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව වේරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු පළාගොස් ඇති බව වාර්තා වෙයි

මිනීමැරුම්, මුදල් බලෙන් ලබාගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වෙන “පරිප්පුවා” නැමැති සංවිධානාත්මක අපරාධකරු ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද විවිධ චෝදනා ලැබූ වන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30