සුප්‍රකට ගායිකා ලතා මංගේෂ්කාර් දිවි ගමනට සමු දෙයි!

ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යි ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ. ඉන්දීය සිනමාවේ සංගීත ක්ෂේත්‍රය ම සිය සුමධුර හඬින් දිග්විජයක් බවට පත් කළ මංගෙෂ්කාර් රෝහල්ගත කරනු ලැබුවේ කොවිඩ් 19 රෝගය ආසාදන වීම හේතුවෙන්. සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ම තත්ත්වය ඇයගේ බරපතළ වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියෙහි පසුවූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?