AFC Banner
Empty Ad
Empty Ad

නඩු පැවරුවාට පොලිස් නිලධාරියට පොරොවෙන් ගසයි

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි අම්බලන්තොට පොලිස් සථානයේ පොලිස් කොස්තාපල් වරයෙකුට අද දහවල් අත් පොරවකින් පහර දී තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

බීමත් කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයේ උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය සඳහන් කර සිටින්නේ.

පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් භාරයට ගෙන රෝහල් ගත කර ඇති අතර පසුව ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?