නඩු පැවරුවාට පොලිස් නිලධාරියට පොරොවෙන් ගසයි

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි අම්බලන්තොට පොලිස් සථානයේ පොලිස් කොස්තාපල් වරයෙකුට අද දහවල් අත් පොරවකින් පහර දී තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වනවා.

බීමත් කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයේ උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය සඳහන් කර සිටින්නේ.

පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් භාරයට ගෙන රෝහල් ගත කර ඇති අතර පසුව ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28