ඇමරිකාවෙන් චීනයට චෝදනා

ලෝකයේ සෙසු සියලු රටවල සිට එල්ල වන සයිබර් ප්‍රහාරවලට වඩා වැඩි සංඛ්‍යාවක් චීනය විසින් තම රට වෙත එල්ල වෙමින් පවතින බවට ඇමරිකාව චෝදනා කරනවා.

විශේෂ හමුවක් අමතමින් ඇමරිකානු එෆ්බීඅයි ආයතනයේ විමර්ශන අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් වොරේ සදහන් කළේ  මේ සදහා චීන රජය මුලුමනින්ම වගකිය යුතු බවයි.

තමන්  මේ සම්බන්ධයෙන්  චීන ජනතාවට චෝදනා නොකරන බව ද ඇමරිකාවේ නවෝත්පාදන දැනුම සහ තාක්ෂණය සොරා ගැනීම සදහා චීන රජයේ මෙහෙයවීමෙන් මෙම සයිබර් ප්‍රහාර එල්ල කෙරෙන බව ද එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා සදහන් කළා.

මෙම සයිබර් ප්‍රහාරවල ආසන්නතම සිදුවීම පෙබරවාරි මුල් සතියේ දී වාර්තා වී ඇති අතර එහි ඉලක්කය වී ඇත්තේ රේගන් ජනාධිපති පුස්තකාලයයි. 

මේ වනවිට එෆ්බීඅයි ආයතනය විසින් චීනය විසින් එල්ල කළ සයිබර් ප්‍රහාර 2000 ක් පමණ  පිළිබදව විමර්ශන සිදුකරමින් ඇති බවයි ක්‍රිස්ටෝපර් වොරේ වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04