ඩෙන්මාර්කය හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අගමැතිගේ කැමැත්ත

ඊයේ (03) රාත්‍රියේත් ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පැයකට වැඩි කාලයක් විදුලිය විසන්ධි වීම් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණෑ.

සංචිත දැවිතෙල් අවසන් වීමෙන් මෙගවොට් 60ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ සම්පූර්ණයෙන්ම යළි අක්‍රීය වුණත් ඊයේ රාත්‍රිය වනවිට යළිත් දැවිතෙල් ලබා දීම ආරම්භ කෙරුණා.

එමෙන්ම කැලණිතිස්ස බලාගාරයේ මෙගවොට් 280 ක් ධාරිතාවයක් සපයන විදුලි ජනන යන්ත්‍ර තුනක් ද දැනට අක්‍රියව පවතින බවත් එමඟින් ජාතික පද්ධතියට අහිමි වන ධාරිතාව මෙගාවොට් 340ක්.

මේ අතර, විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය, ඉල්ලීමක් කර නොමැති බැවින් එලෙස, විදුලි කප්පාදුවක් සිදු කළහොත් විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම ඊයේ පස්වරුවේ කියා සිටියේ.

මේ අතර, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පළ කර තිබෙනවා. මෙරට ඩෙන්මාර්ක තානාපති ලෙස පත් වූ ෆෙඩී ස්වේන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර ඊයේ අරලියගහ මන්දිරයේ දී හමුවක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම කරුණු සංවාදයට බඳුන් වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23