මහල් නිවාසයෙන් වැටී මියගිය සිසුවාට කොවිඩ්

ඉකුත් සිකුරාදා දින සවස බම්බලපිටිය ක්‍රෙසන්ට් පටුමගේ සුඛෝපභෝගී අට මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු මියයාමේ සිද්ධියක් වාර්තා වුණා.

ධනවත් ව්‍යාපාරික පවුලක එකම දරුවා වූ රාජා අභිලාෂ් නමැති මෙම සිසුවා සිද්ධිය වූ දිනයේ පාසල් ඇරී නිවාස සංකීර්ණය වෙත එන අයුරු හා ටික වේලාවකට පසු ඉහළ මහළින් පහළට වැටෙන අයුරු සීසීටීවී දර්ශනද හමුවී තිබෙනවා. සිසුවාගේ නිවාස ඒකකය පිහිටා තිබී ඇත්තේ 5 වන මහළේයි.

පස්වරු 3.00ට පමණ ත්‍රිරෝද රථයකින් ඔහු පාසල් ඇරී නිවසට ආවත් නිවසේ එම අවස්ථාවේ කිසිවෙකු සිට නැති අතර ඔහු අනතුරුව 8 වන මහළ දක්වා තවත් මහළ් 3 ක් ඉහළට ගමන් කර ඇත.

නිවාස සංකීර්ණය මුදුනට ගොස් ඔහු බිමට වැටෙන අතර ඔහු පැන්නාද නැතිනම් කිසිවෙකු ඔහු තල්ලුකර තිබෙද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
බම්බලපිටිය පොලීසිය පවසන්නේ නිවාස සංකීර්ණයේ මහල් හතක නිවාස තිබී ඇති බවත් 8 වැන්න හිස්ව තිබී ඇති බවයි.

සිසුවා විදුලි සෝපානයට නැගී ඉහළට ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති අතර, ඉහළට ගොස් ඉතා කෙටි කාලයකින් ඔහු බිමට වැටෙන අයුරු ද සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී තිබී ඇත. බිමට වැටෙන සිසුවා ඉතා වේදනාවෙන් ලේ ගැලුම් තුවාල සහිතව වැතිර සිටි බවත් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය පොලීසියට හා ඔහුගේ පියාට දැනුම් දී අවශ්‍ය පියවර ගෙන තිබෙන බව සඳහන්.

සිසුවා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද අධික ලේවහනය මත සුලු මොහොතකින් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

පස්වැනි මහලේ පිහිටි නිවෙසට සිසුවා යන විට නිවසේ කිසිවකු සිට නැති බවත්, සිසුවාගේ මව ද නිවෙසින් බැහැරව ගොස් සිට ඇති බවත් නිවාස සංකීර්ණයේ ඉහළ මහලවල සී. සී.ටී.වී. කැමරා සවි කර නොමැති නිසා සිසුවා ඉහළ තට්ටුවේදී කවර හැසිරීමක නිරතවූයේද යන්න සාක්ෂි නැති බව පොලිසිය පවසා ඇත.

කොළඹ ජාතික රෝහලේදී ඊයේ සිසුවාගේ සිරුර ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කළ අවස්ථාවේ ඔහු කෝවිඩි ආසාදනයවී ඇති අයුරු හඳුනාගත් අතර පශ්චාත් පරික්ෂණයෙන් පසුව මවුපියන් වෙත සිරුර බාර නොදී භූමදාන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පැවති බවත් හෝ නිවැසියන් දැන සිට නැත. මෙම සිසුවාගේ දෙමාපියන්ගේ සාක්සි අනුව සිසුවාට මෙලෙස දිවි හානිකරගන්නට කිසිදු හේතුවක් තිබී නැත. කොරෝනා රෝග තත්වය මත ඔහුගේ මානසික තත්වය විකෘතියකට ලක්ව හැසිරුණිද යන්න ගැනත් පරීක්ෂණයක් සිදුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35