සිරිපා කරුණා නොකරන්නැයි යන ප්‍රචාර බොරු

ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් කිසිදු අවස්ථාවක මාධ්‍යයට ප්‍රකාශ නොකල බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් අවධාරණය කරනවා.

කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන්නේ අසත්‍ය පුවතක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙසද උන්වහන්සේ බැතිමතුන්ට දන්වා සිටිනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50