spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිරිපා කරුණා නොකරන්නැයි යන ප්‍රචාර බොරු

ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් කිසිදු අවස්ථාවක මාධ්‍යයට ප්‍රකාශ නොකල බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් අවධාරණය කරනවා.

කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන්නේ අසත්‍ය පුවතක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් ශ්‍රී පාදස්ථානය කරුණා කරන ලෙසද උන්වහන්සේ බැතිමතුන්ට දන්වා සිටිනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් විශාල පිරිසක් සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?