සමහර අය කෑම කන්නේ ජීවත් වෙන්න නේ, නමුත් මම ජීවත් වෙන්නේ කන්න

කලා පවුලකින් කලා ලෝකයට පෑයූ දීප්තිමත් තාරකාවක් ලෙස ට  ඇයව හඳුන්වා දිය හැක. සොනාලි ෆොන්සේකා. මේ දිනවල නාඩගං කාරයෝ ටෙලි වෘතාන්තයේ සුදු චූටි ලෙසට වඩාත් ම ජනාදරයට පාත්‍ර වන ඇයව අපි මෙවර ලස්සන කුස්සියේ  සොඳුරු කතාබහට තෝරා ගත්තෙමු.

මේ දිනවල ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මගේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ…. සුදු චූටි කිවුවහම තමයි ඔක්කොම අය මාව දන්නේ. ඒ තරමට ඒ චරිතය මිනිසුන් වැළඳ ගෙන .

ගෙදර ඉන්න දවසට ඔබ ද ඉවුම් පිහුම් කටයුතු කෙරෙන්නේ ?

අපොයි ඔව්. ළඟකදී ඉඳලා ඉවුම් පිහුම් කටයුතු වගේම ගෙදර දොර සියලු  කටයුතු බොහෝ විට සොයා බලන්නේ මම… තාත්තිගේ වියෝවත් එක්ක  අම්මිත් එක්ක ඒ හැමදේම කරගෙන යනවා. ගෙදර ඉන්න වෙලාවට අම්මිට විවේකී වෙන්න කියලා මම තමයි කෑම හදන්නෙ.

මොන වගේ කෑම ද රසට ම හදන්නේ?

චිකන් නම් එක එක රසට හදන්න පුළුවන්. පරිප්පුත් හරිම රසට හදනවා. කොහොම කෑම හැදුවත් මම හදන්නේ මට ඕන විදිහට හදන කෑම හරිම රසයි කියලයි කන කවුරුත් කියන්නේ නම්.

ඔබ රසට හදන කෑම අනිත් අය අගය කරනවා ද?

අපොයි ඔව් …මගේ යාළුවෝ එහෙම මම හදන කෑම රස කර කර කන ගමන් අහන්නේ ” ඔයාට ඔච්චර රසට කෑම හදන්න පුලුවන්ද ? බොනික්කි වගේ ඉන්න විදිහට අපි නං හිතුවෙ කුස්සිය පැත්ත පළාතේ යන්නේ නැහැ කියලා . ඊට අමතරව නං ඉතින් මගේ අම්මි, තාත්තියි  ඉස්සර ඉඳලම මම තේ එකක් හැදුවත්  මාව හරියට අගය කරනවා .සමහර වෙලාවට  ඒ  තේ ඒක එච්චර රසක් නැතුව ඇති .නමුත් ඒය  සතුටින් අගය කිරීම හරිම උත්තේජනයක්.. කෙනෙකුට හිතෙන්න පුළුවන් කෑමක් රසයි කියන එක ඒ තරම් ලොකු දෙයක් ද කියලා . නමුත් එය අගය කිරිම ඇතුලෙ ලොකු දෙයක් තියෙනවා. උයන කෙනෙකුට තමයි ඒ අගය කිරීම ලොකුවට දැනෙන්නෙ.

දියනියකටණියකට ඉවුම් පියුම් කටයුතු දැනගෙන සිටීම වැදගත් කියලා විස්වාස කරනවද ?

ඔව් අනිවාර්යෙන්ම. ඉස්සර ඉඳලම අම්මා නිතර කියපු කතාවක් තමයි ”

උයන්න ඉගෙන ගන්න නැත්නම් බදින මනුස්සයාට කන්න   දෙන්න විදිහක් නැති වෙයි” කියලා. විහිලුවට වගේ කිව්වා. නමුත් ඒක ඇතුලෙ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා …කුඩා කාලයේදී ඉඳලා එන්ගලන්තයේ හිටියත් පවුලේ එකම දරුවා කියලවත් කවදාවත් මගේ දෙමවුපියෝ මාව වගකීමක් දරන්න බැරි යුතුකම් වගකීම් දන්නේ නැති දරුවෙක් විදිහට හැදුවේ නැහැ … ඔවුන්ට හැමතිස්සෙම අවශ්‍ය වුණේ  මම ශක්තිමත් දියණියක් වෙනවා දකින්න ….අද ඒ දේ වෙලා තියෙනවා.

පුංචි කාලෙ ඉඳල ම උයන්න ආසයිද?

අපොයි ඔව් ….මං හරිම ආසයි ඉස්සර පුංචි ඇතිලි වලං අරන් සෙල්ලම් බත් හදන්න …දැනටත් පුදුමාකාර ආසාවකින් සතුටකින් තමයි මම උයන්නේ …ඉයුම් පිහුම් කියන්නේ කලාවක් නේ ඇත්තම කියනවනම් මම ඒ කලාව විඳිනවා.

ඔබ කෑමක්  පිළියෙල කරන කොට මොන වගේ දේවල් ගැන ද හිතන්නේ ?

ලොකු දේවල් ගැන නම් හිතන්නේ නැහැ නමුත් මම ආසම දේවල් ආසම රසට හදා ගන්න කැමතියි .උයනකොට    ගැලපීම ,පෝෂණය කියන දේවල් ගැන උපරිමයෙන්ම හිතන්නේ මගේ අම්මි.

පිට රටක හිටපු කෙනෙක් විදිහට ඒ රටවල කෑම හදන්න පුලුවන්ද ?

එංගලන්තයෙ  වැඩිපුර කාලයක් ජීවත් වුණත් ඒ රටේ අපි නිතරම ආහාරයට ගත්තේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායට අනුව සැකසූ කෑම .විශේෂයෙන්ම බත් සහ ව්‍යංජන .මගේ තාත්තිට හැමදාම බත් කන්න ඕනේ . ඒ වගේම මමත් හරිම ආසයි බත් කන්න…  

උයන වෙලාවට කවුරු ළඟ ඉන්නවට ද කැමති?

මම නම් කැමතියි තනියම උයන්න. ඇත්තම …කියනවනම් උයන එකත් රඟපෑම වගේම මම හරිම ආසාවෙන් කරන දෙයක් .ඒ නිසා ආසම විදිහට කෑම හදන කොට තව කවුරුහරි කුස්සියේ  ඉන්නකොට එක වදයක් විදිහටයි මට දැනෙන්නෙ.

මුළුතැන්ගෙයි කටයුතු කරනකොට ටී.වි. බලන්න  රේඩියෝ අහන්න පුරුද්දක් තියෙනවාද ?

සින්දු අහන එක නම් මගේ ජීවිතේම කොටසක්. මම හරිම ආසයි මනස නිදහසේ තියාගන්න සින්දු අහන්න. ඉස්සර පාඩම් කරන කොටත් සිංදුවක් අහගෙන තමයි පාඩම් කරන්නෙ.උයනකොට සින්දුවක් අහන එක පුරුද්දක්.

උයන එක වදයක් විදියට දැනිලා නැද්ද?

අනේ නැහැ. හැමදාම ඉව්වෙ නැති උනත් උයන වෙලාවට හරිම සතුටින් ඒ දේවල් කරනවා… මම රසට හදන කෑමක් හැමෝම සතුටින් කනවා කියන හැඟීමත්  එක්ක  දමල ගහල නං කවදාවත් වැඩ කරන්නේ නැහැ .ඒ වගේමයි ආදරෙන් කැමැත්තෙන් ආසාවෙන් වැඩක් කරන කොට කවදාවත් ,වෙහෙසක්, අකමැත්තක් දැනෙන්නෙත් නැහැ …

මුළුතැන්ගෙයි පිරිසිදු කිරීමේ කටයුතු කොහොමද කරන්නේ?

සමහර වෙලාවට මට හිතෙනවා පිරිසිදු කිරීම මානසිකවත් බලපාලා තියෙනව ද කියලා. ඒ තරමටම මං පිරිසිදු කරනවා.උයනකොට ලූනු පොතක්වත් බිම වැටෙන්නේ නැති වෙන්න තමයි කුස්සියේ  කටයුතු කරගෙන යන්නේ. අම්මිත් උයන්න  යන හැම වෙලාවකම ඇවිත් මාව අගේ කරනවා. මම  වැඩ කරන්නේ හරිම පිළිවෙලට කියලා… 

උයනකොට වැරදිලා එහෙම නැද්ද ?

වරදිනවා නම් හරිම අඩුයි. ඒත් ” කර ”කර ගන්න එකයි ලුණු අඩුවෙන් කෑම හදන එකයි  නිතර වෙනවා …

අරපිරිමැස්ම ගැන මොකද හිතෙන්නේ ?

මට හිතෙන්නෙ කළමනාකරණය කියන දේ මුලින්ම උගන්වන්නේ ගෙදරින් කියලා..  දියණියකට තිබිය යුතු උතුම්ම ගුණාංගයක් තමයි අරපිරිමැස්ම කියන්නේ. මගේ ජීවිතේ මම අනුගමනය කරන්නේ මගේ අම්මවයි තාත්තවයි. මොනතරම් දේවල් තිබුනත් එයාලා එදිනෙදා ජීවිතයේදී වියදම්  පාලනය කරපු විදිහ ,හාල් ඇටයක්, පරිප්පු ඇටයක්වත්  විසි කරන්නේ නැතිව ප්‍රයෝජනයට ගත්ත විදිය දැක්කහම ඇත්තටම මට අදටත් හිතාගන්න බැහැ. අද වෙන කොට මම ඒ  දෙන්නගේම ආභාෂයන්  නිවසේ සියලු වියදම්  පාලනයකින් යුතුව කරන්න පුරුදු වෙලා ඉන්නවා ….වියදම් කළ යුතු තැන දී වියදම් කරනවා. වියදම් පාලනය කළ යුතු තැන දී පාලනය කරනවා .සමහර අනවශ්‍ය වියදම් නොකළ යුතුයි කියලා හිතලා ඒ දේවල් අත් හරිනවා …. අරපිරිමැස්ම කියන්නේ ලෝභ කම නොවෙයි කියන එක අද මම තේරුම් අරන් ඉන්නේ.

උයන වෙලාවට වැඩිපුරම බොන්න කැමති මොනවාද?

වතුර නං ගොඩක් බොනවා .ඊට අමතරව පලතුරු යුෂ එහෙමත් බොන්න පුරුදු වෙලා ඉන්නවා. තැඹිලි නම් බොන්න මම හරිම ආසයි. උයන වෙලාවට තැඹිලි ගෙඩියක් නම් බොන එක පුරුද්දක් විදිහටත් කරනවා.

ඩයට් කරන වෙලාවට කොයි වගේ කෑම වේලක් ද පිළියෙල කර ගන්නේ ?

සමහර අය කෑම කන්නේ ජීවත් වෙන්න නේ …. නමුත් මම ජීවත් වෙන්නේ කන්න. ඒ නිසා ඉතින් නොකා නොබී නම් මම කවදාවත් ඩයට් කරලා නැහැ… කන්න ආසම කෑම කැමති විදිහට කනවා. හැබැයි ප්‍රමාණය අඩු කරල. එළවළු ,පලතුරු, මස් ,මාළු ,සලාද වර්ග මැල්ලුම් වැඩිපූර එවැනි කාල වලදී වැඩිපුර ගන්නවා  …

අසුන්තා එදිරිසූරිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55