නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම හෙට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරන ලද වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන, බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (27) දින ප්‍රසිද්ධියේ දහනය කර විනාශ කිරීමට නියමිතව බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (27) උදෑසන 09.00 ට පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උඳුන තුළදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් සහ ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් විනාශ කිරීමට නියමිතයි.

අදාළ මත්ද්‍රව්‍ය තොග හෙට (27) උදෑසන 05.00 ට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද, උදෑසන 07.30ට හලාවත මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් ද විශේෂ ආරක්ෂාවක් සහිතව දහන උඳුන වෙත රැගෙන ඒමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46