Update – ට්‍රම්ප්ගේ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

වොෂින්ටන් හි ‘වොෂින්ටන් හිල්ටන්’ හෝටලයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහය ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම තුවක්කුකරු කැලිෆෝනියාවේ සිට පැමිණි 31 හැවිරිදි වියේ පසුවන කෝල් තෝමස් ඇලන් නැමැති අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ ප්‍රහාරය සඳහා පැමිණි සැකකරු සතුව ගිනි අවි කිහිපයක්ම තිබූ බවත්, ඔහු උත්සවය පැවැති ස්ථානයේ ආරක්ෂක මුරපොළක් වෙත ඔහු කඩා වැදීමට උත්සාහ කර ඇති බවයි.

එම අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සිදු කර සැකකරුව මෙල්ල කර ඇති බව සඳහන් කළ ට්‍රම්ප්, එහිදී ආරක්ෂක අංශ නිලධාරියෙකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත් එම නිලධාරියා වෙඩි නොවදින ශරීර සන්නාහයක් පැළඳ සිටිම හේතුවෙන් ඔහුට හානියක් සිදුව නොමැති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කර ඇත්තේ, සැකකරුට එරෙහිව ඉතා ඉක්මනින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන බවයි.

තුවක්කුකරු හෝටල් පරිශ්‍රයට ඇතුළු වූයේ කෙසේදැයි සොයා බැලීම සඳහා විමර්ශකයින් හෝටලය පුරා ඇති ආරක්‍ෂිත කැමරාවල දර්ශන පරීක්ෂා කරන බව වොෂින්ටන් ඩීසී පොලිස් ප්‍රධානී ජෙෆ්රි ඩබ්ලිව් කැරොල් පවසනවා.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතර තුර මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී කිසිවෙකුටත් ජිවිත හානි සිදුවුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පොලිස්පති පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14