කොරෝනා නව ප්‍රභේද ඇත්දැයි ජපුර සරසවිය පරීක්ෂණ අරඹයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමේ තත්වයක් සමඟ එම ප්‍රභේද සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාන විශ්ලේෂණ පර්යේෂණයක් අද ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ද ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ගේ ප්‍රබේද කඩිනමින් හඳුනාගැනීම සඳහා දැනට පවතින පර්යේෂණ පහසුකම් තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

මේ අතර ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයන් 770 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 55,000 ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 55,189ක් ලෙසයි.

ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 768 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, සෞදි අරාබියේ සහ කුවේටයේ සිට පැමිණි දෙදෙනෙකුද රෝගීන් ලෙස හඳුනාගැනුනා.

ආසාදිතයින් 7,698 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 42,215 ක්.

එමෙන්ම ඊයේ එක් කොරෝනා මරණයක්ද වාර්තාවූ අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 274 ක් ලෙසයි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ 53 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර, කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියා තත්වය මරණයට හේතුව ලෙස දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25