සුපිරි ක්‍රිකට් පිතිකරුට දූෂණ චෝදනා

හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පැනවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ඔහු ඔට්ටුකරුවෙක්ගෙන් ඩොලර් 15,000ක් ලබාගැනීම හේතුවෙනි.

ට්විටර් පණිවුඩයක් තබමින් ටේලර් පවසා ඇත්තේ 2019 වසරේදී ඉන්දීය ව්‍යාපාරිකයෙක් වරක් තමාව මුණගැසුණු බවත් එම හමුවේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවත්ය.

එහි වීඩියෝ පෙන්වමින් තමාව අපහසුවට පත්කිරීමට එම ව්‍යාපාරිකයා කටයුතු කළ බවත් වරක් තමා සිටි හෝටල් කාමරයට පැමිණ ක්‍රිකට් තරග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස බලකරමින් තර්ජනය කළ බවත්ය.

සිම්බාබ්වේ හි විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ව්‍යාපාරිකයා කළ ඉල්ලීමක් අනුව ටේලර් ඉන්දියාවට ගොස් තිබුණි.

පසුව ඔහු තමාට ඩොලර් 15,000ක් දුන් බවත් ටේලර් පවසයි.

තමා එම මුදල රැගෙන තම පවුල සමග ඉන්දියාවෙන් පැන ආ බව ඔහු සිය පණිවුඩයේ තවදුරටත් සටහන් කරයි.

නමුත් එම හමුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර ඇත්තේ මාස 4කට පසුව නිසා ටේලර් ට එරෙහිව විනය පියවර ගැනීමට ICC ය තීරණය කර ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49