කොළඹ කිඹුල්බියට කරන්න යන අමුතු වැඩෙන් කිඹුලන් ගොඩබිමටත් එන ලකුණු

පසුගිය දිනවල කිඹුලන් පිළිබඳ දැඩි ලෙස කතාබහට ලක් වූයේ දෙහිවල මුහුදේ සිටි කිමිදුම්කරුවෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්වීමත් සමග යි.

පසුගිය 03 වැනි දා සිදු වූ එම සිදුවීමෙන් 57 හැවිරිදි කිමිදුම්කරු මරණයට පත් වුණා.

එමෙන්ම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලින් කිඹුලන් කිහිපදෙනෙකුම වාර්තා වූ බවට පුවත් පළ වූ අතර කොළඹ ආශ්‍රිත මුහුදු කලාපයට කිඹුලන් පැමිණීම හේතුවෙන් කිමිදුම්කරුවන් මෙන්ම මුහුද ආශ්‍රිත රැකියා සිදුකරන්නන් රැසක් දැඩි ලෙස භීතියට පත්ව ඇති බව පැවසෙනවා.

මෙවන් පසුබිමක කොළඹ ආශ්‍රිත මුහුදු කලාපයට කිඹුලන් ඇතුලු වීම වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බව යි වාර්තා වන්නේ.

ඒ බොල්ගොඩ ගඟ සහ බේරේ වැවේ ජලය මුහුදට වැටෙන ස්ථානවලට මඳක් ඉහළ ප්‍රදේශ දැල්වලින් ආවරණය කිරීම මගින්.

කොළඹ ආශ්‍රිත ජලාශ සහ ඇළ මාර්ගවල කිඹුලන් සැළකියයුතු සංඛ්‍යාවක් සැරිසරන බව වාර්තාවනවා.

එමෙන්ම බොල්ගොඩ ගඟෙහි සිටින කිඹුලන් සහ දියවන්නා ජලාශයේ සිටින කිඹුලන් බේරේ වැව හරහා මුහුදට පැමිණෙන බව ද සඳහන්.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පවසන්නේ කිඹුලන් මෙලෙස මුහුදට පැමිණීම අලුත් දෙයක් නොවන අතර එය අතීතයේ සිටම සිදුව ඇති ක්‍රියාවලියක් බව යි.

එබැවින් බොල්ගොඩ ගඟට සහ බේරේ වැවට ඉහත කී අයුරින් දැල් දැමූවද කිඹුලන් ගොඩබිම් හරහා මුහුදට ගමන් කරනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

එමෙන්ම වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ කොළඹ ආශ්‍රිතව වෙසෙන මෙම කිඹුලන් පරිසරයට වටිනා දායකත්වයක් සපයන බව යි.

කොළඹ ඇළ මාර්ගවල සිටින මෙම සත්ත්වයින් ස්වභාවික කසල ශෝධකයන් ලෙස කටයුතු කරන බව යි ඔවුන් පවසන්නේ.

ඇළ මාර්ග සහ ජලාශවලට දමන බළල්, සුනඛ මළකුණු ආදී දෑ මෙම කිඹුලන් ආහාරයට ගන්නා බව සඳහන් කරන වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොළඹ ආශ්‍රිත පරිසරයේ කිඹුලන් නොමැති වුවහොත් බේරේ වැව ඇතුළු ජලාශ්‍රිත ප්‍රදේශ තවදුරටත් අපවිත්‍ර වනු ඇති බව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10