ඉන්ධන මේ ගාණට දෙන්නෙත් ආණ්ඩුව පාඩු කාගෙන…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය.

මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවද ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. 

ඒ හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හොඳට කාලා බීලා කෑම ඉතුරුත් වෙලා කුණු බක්කියට කෑම විසික්කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා. ඒ ආදර්ශය එන්න ඕනේ දේශපාලකයින්ගෙන්.” යනුවෙන් ද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36