කෙටි කලක් තුළ සැපිරෙන සාමූහිකත්වයේ අස්වැන්න .. !!

පසුගිය දිනෙක ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුලු රතු තරුව කණ්ඩායමේ ද සහභාගීත්වයෙන් මහියංගන හෙබරව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුනා.
මේ ඒ සම්බන්දව සම්න්ත විද්‍යාරත්න තම මුහුනුපොතේ තැබු සටහන සහ ඡායාරූප එකතුවයි.

කෙටි කලක් තුළ සැපිරෙන සාමූහිකත්වයේ අස්වැන්න .. !!

වසර ගණනාවක් අලුත් වැඩියා කිරීමට ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් ඉතා අබලන්ව පැවැති මහියංගන හෙබරව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඊයේ දිනය වන විට වහලෙ පිළිසකර කිරීම් දවස් තුනක් ඇතුළත සියල්ල අවසන් කළා.

වහලේ සෙවිලි සියල්ල ගලවා, දිරා ගිය ලී දඬු සියල්ල ඉවත් කර නැවත වහල සකස් කොට දින තුනක් ඇතුළත නැවත වහල සෙවිලි කිරීමට හැකිවුණේ ස්වෙච්ඡාවෙන් ගැමියන් ලබාදුන් ශ්‍රම දායකත්වය හේතුවෙනි. මේ සියලු කටයුතු විදෙස්ගත හිතවතකුගේ ප්‍රධාන ආධාර උපකාර ද සහිතව, අප නියෝජනය කරන නේත්‍රා පැහැසරණ පදනමේ මූලිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බලකායේ මැදිහත් වීමෙන් ද පාසලේ දෙමව්පියන්ගේ දායකත්වයෙන් ද සිදුකරනු ලබනවා.

විද්‍යාලයේ විදුහල්පති තුමාගේ මූලික අධීක්ෂණය යටතේ මෙම කටයුතු ජනවාරි මාසය තුළ අවසන් කොට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් පවරාදීමට සලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36