මංගල සාදයේදී ඇද වැටුණු තරුණයා මරුට

මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටි තරුණයෙකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය පවසයි.

වාද්දුව, පොතුපිටිය, තිස් එකේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුසෙව් හේවගේ නිශාන් ලක්ෂාන් ජයරත්න නැමැති 24 හැවිරිදි තරුණයකු  මෙලෙස මියගොස් තිබේ.

ඔහු ඊයේ (13) පානදුර, ගොරකාන  ප්‍රදේශයේ හෝටලයක පැවතී සිය සේවා ස්ථානයේ මිතුරියකගේ විවාහ මංගල  උත්සවයකට  සහභාගී වී සිට ඇත.

එහිදී ඔහු නර්තනයේ යෙදී සිට ඇති අතර, හදිසියේ  බිම ඇද වැටී පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .

රෝහල් ගතකිරීමේදී තරුණයා මියගොස් ඇති අතර , පීසීආර් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව්  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිසිය සහ පානදුර   රෝහල් පොලිස් සැරයන් එම්.එන්. ධර්මරත්න (55323) පරීක්ෂණ පවත්වති .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36