විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි

හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත පද්ධය අනුව තහවුරු වු බව එම වෙලදසැලේ හිමිකරු පැවසිය.

තෛපොංගල් දිනය නිමිත්තෙන් (13) දින තම වෙලදසැලට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්තාවක පැමිණි ඉන්දියානු ජාතිකයා සුවද විලවුන් බෝතලක් ඉල්ලා ඇති අතර , එම සුවද විලවුන් බෝතලය මිල දි ගැනිම සදහා ඉන්දියානු ජාතිකයා විසින් රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියා වෙත ලබා දි ඉතිරි මුදල් ලබා ගැනිමෙන් අනතුරුව මිල දි ගත් සුවද විලවුන් බෝතලය ඉන්දියානු නිෂ්පාදනයක් නොවන බව පවසා යලිත් වෙලදසැල් හිමියාට එම සුවද විලවුන් බෝතලය ලබා දි ඉන්දියානු ජාතිකයා ලබාදුන් රු පන්දහස ආපසු වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන එම මුදල ඔහුගේ සාක්කුවේ දමාගෙන ඇත.

පසුව යලිත් සුවද විලවුන් බෝතලයක් ඉල්ලා එම සුවද විලවුන් බෝතලයද ප්‍රමිතියෙන් බාල එකක් බව පවසමින් එම සුවද විලවුන් බෝතලය වෙලදසැල් හිමියාට ලබා දි ආපසු රු පන්දහසක මුදලක් වෙලදසැල් හිමියාගෙන් ලබාගෙන වෙලදසැලින් පිටව ගොස් ඇත.

ඒ පිලිබදව සැක සිතු වෙලදසැල් හිමියා වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි තම වෙලදසැලෙන් කිසිදු භාණ්ඩයක් ලබා නොගෙන ඉන්දියානු ජාතිකයා රු දස දහසක මුදලක් තමන්ගෙන් ලබාගෙන ගොස් ඇති බවට තහවුරු විය.

සැකකාර ඉන්දියානු ජාතිකයා (13) දින හැටන් නගරයේ තවත් වෙලදසැලක් රැසකට ගොස් ඇති බවට තහවුරු වි ඇති බවයි එම වෙලදසැල් හිමියා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36