සහරාන් හෂීම් අල්ලන්න බැරි වීම පිටිපස දේශපාලන බලපෑමක්

ජනපති කොමිසමේදී හෙළි වෙයි

2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මංසන්දියේ ඇතිවු ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වීමට යම් දේශපාලන බලපෑමක් හේතු වූ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම අදහස් පල කලේ සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති ගොනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදෙමින්.

සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් යම් හේතු විමසීමක් සිදුකළේ දැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා සිටියා. 

යම් දේශපාලනික හේතුවක් ඇති බවට තමාට වැටහුණු බවත් එය ප‍්‍රාදේශිය වශයෙන් තිබූ සුවිශේෂි තත්ත්වයක් බවත් එහිදී ඔහු කියා සිටියා.

මේ අතර, සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට එරෙහිව නෛතික උපදෙස් ලබාගැනීම සඳහා පාස්කු ප‍්‍රහාරයට පෙර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ගොනු දෙකක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසීම සිදුකලා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවූ පළමු ගොනු දෙකෙහි නෛතික උපදෙස් දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොතිබූ බවයි. 

එහෙත් එවා තිබූ තුන්වන ගොනුවේ ඉතා වැදගත් තොරතුරු තිබූ නමුත් එය ලැබෙන්නේ ප‍්‍රහාරයෙන් පසු මැයි 06 වනදා බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33