ගොවීන්ට අලුත් බලාපොරොත්තුවක්

චීන කාබනික පොහොර රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එම නෞකාව මගින් පොහොර මෙට්‍රික් ටොන් 8,000 ක් රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව මෙරටට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගියදා ලබාදුන් නියෝගයන්ට අනුව බේරුම්කරණ ක්‍රමවේදය යටතේ මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගම සඳහා ඊයේ (07) ගෙවනු ලැබුවා.

අදාළ චීන සමාගමෙන් පොහොර මෙට්‍රික්ටොන් 96,000 ක් මෙරටින් මිලදී ගැනීමට නියමිතව ඇති අතර අවස්ථා කිහිපයකදී එම තොග මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොමර්ෂල් පොහොර සමාගමෙන් සිදුකළ විමසීමකදී එහි සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසුවේ මෙලෙස චීනයෙන් ආනයනය කරන පොහොර තොග මීළඟ කන්නය සඳහා භාවිතයට ගැනීමට නියමිත බවයි.

මේ අතර ඉන්දියාවෙන් දියර පොහොර ලීටර් ලක්ෂ 4 ක් මෙම මස අවසානයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් මිලියනයක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළා.

ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 3 ක් මේ වන විට බෙදාහැර අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59